About Mettā

‘Mettā’ in the Pali Language refers to compassion, and our goal as a non-profit Buddhist organization based in Australia is to empathize with the underprivileged and provide them with the assistance required to ameliorate their lives by providing shelter, food, health and education opportunities.

 

Mettā also opts to provide the means to the impoverished, to break the poverty cycle and assist them towards a path of self-relied sustenance.

We also believe that the financial aptitude of underprivileged should be guided based upon the ‘good-practices’ found in the Buddhist philosophy.

At Meththa we also believe that poverty alleviation could only be achieved through education, and thus our emphasis on providing education opportunities to the impoverished.

We also assist in the establishment and execution of various projects for the development of Buddhist Monasteries in Sri Lanka which are not supported by patrons in their respective geographical constituencies.

Furthermore, Meththa also remains committed to assist and support to social and religious welfare organizations already operating in Sri Lanka.

Our undertakings also include the propagation of Theravada Buddhism throughout the world, aimed at creating a more harmonious and empathizing global community.

මෙත්තා ඕස්ට්‍රේලියා

වන අප ගැන 

 

අත්ථුපමාය සබ්බේසං සත්තානං සුඛකාමතං 

පස්සිත්වා කමතං මෙත්තං සබ්බ සත්තේසු භාවයේ 

 

“මා මෙන්ම සියළු දෙනාට සැප කැමති වන්නේ යැයි දැක,

සියළු සත්වයනටම මෙත් වඩන්නේය” – බුදු රජාණන් වහන්සේ

 

මෙත්තා නමින් ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර ස්ථාපනය කරන ලද පුණ්‍යආයතනය, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මෛත්‍රී ගුණය පෙරදැරි කරගත් අරමුණින් ලොකවාසී සියලු දෙනාගේ හිතසුව පිණිස විවිධ සුභසාධන වැඩසටහන් සහ විවිධ පිංකම් ක්‍රියාත්මක කිරීම සිදුකෙරේ.

 

විශේෂයෙන්ම, ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවත්, ශ්‍රී ලංකාව තුළ ජීවත් වන ශ්‍රී ලාංකික ප්‍රජාවටත්, ඔවුනොවුන්ගේ ආගමික ගුණවගාව වැඩිදියුණු කිරීමත්, සමාජීය වශයෙන් තම ජීවිත පැවැත්ම තුළ  අත්විඳින විවිධ කම්කටුළු, අඩුපාඩුකම්ප්‍, ප්‍රශ්න ගැටළු සඳහා විසඳුම් ලබාදීමත් “මෙත්තා” හි අරමුණයි.

 

“මෙත්තා” හෙවත් මෛත්‍රීය යනු අනෙකෙකුට දුකක් කැමති නොවී තම දිවි දෙවෙනි කොට එකම දරුවා රකින මවක් සේ කෙනෙකු අනෙකෙකු උදෙසා දක්වන ආදරය, සෙනෙහස, දයාව සහ ස්නේහයයි. එතුළින්, සියලු සත්වයනට බලාපොරොත්තු වන, සුවසේ විසීම සුවසේ ජීවත් වීම, සඵල කර දීමේ වුවමනාව මෛත්‍රී ගුණයයි.  මෛත්‍රීය, බ්‍රහ්මයනට අදාළ වූ විහරණයක් (බ්‍රහ්ම විහරණ) වන්නේ එනිසයි.

 

ලාභ නොලබන සංවිධානය ලෙස “මෙත්තා” හි සියලු කැපකිරීම් හුදෙක් ජීවත් වීමට අවැසි මුලික අවශ්‍යතාවයන්ගේ අඩුපාඩු සහිත ශ්‍රී ලංකාවේ ජීවත් වන අසරණ, දිළිඳු ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සුවපත්භාවය උදෙසා සුභසාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි. පවුල් සංස්ථාවේ සියලු සාමාජිකයන්ගේ මුලික අවශ්‍යතාවයන් වන හිසට සෙවණක්, කයට වස්ත්‍රයක්, ලෙඩට බෙහෙතක් සහ කුසට අහරක් යන මුලික අවශ්‍යතාවයන් සොයා බලා සැපයීම තුලින් සියලු සත්වයන්ගේ සුවසේ ජීවත් වීමේ බලාපොරොත්තුව අප විසින් ඉටු කරනු ඇත.

 

උතුම් සම්බුද්ධ ශාසනයේ පරම සුවය නම් නිර්වාණ සුවයයි. අජත නම් වූ නැවත ජාතියකට නොම පැමිණෙන, අජර නම් වූ ජරාවට පත් නොවන, අමත නම් වූ මරණයට පත් නොවන යම් සුවපත් භාවයක් පවතීද උතුම් නිවන නම් වූ ඒ පරම සුවය තමා මෙන්ම අනෙකෙකුටද ලැබේවායි යන මෙත්තා හි මෙත් පැතුමයි. 

 

උතුම් නිවනක් අපේක්ෂාවෙන්, පසුවන ශ්‍රී සද්ධර්ම පිපාසිත සියලු මනුෂ්‍යයනට අමෘතය නම් වූ ශ්‍රී සද්ධර්මය පානය කිරීමට අවස්ථාව සැලසීම සඳහා ශ්‍රී සද්ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් සංවිධානය කිරීමත්, සාන්දිට්ථීකව උතුම් නිවනක් පවතින බුද්ධ ශානසය සුරැකීම වෙනුවන් මෙහෙවර ධර්ම ඉටුකිරීම වස්, වෙහෙර විහාර ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණය සඳහා ව්‍යාපෘති සංවිධානය කිරීම, ධර්මය නොනැසී ආරක්ෂා කරන අඩුපාඩුකම් සහිතව වැඩවාසය කරන බුද්ධ පුත්‍ර මහා සංඝ රතනය සොයා බලා උන්වහන්සේලා උදෙසා සිව් පසයෙන් උපස්ථාන කිරීම, අධ්‍යාපනය හදාරන සාමණේර භික්ෂුන්වහන්සේලගේ අධ්‍යපානය වෙනුවෙන් සුභ සාධන ව්‍යාපෘති සිදුකිරීම යන ගෞතම බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා ගන්නා සියලු කැපකිරීම් සිදුකිරීම “මෙත්තා” හි මෙත් පැතුමයි.

Motives

Metta Charity is a non-profit social charity organization registered in Melbourne, Australia which is maintained as the main branch and sub-branch have been maintained in Sri Lanka in affiliates to the main branch.

Our motives are;

The motive of the establishment of this social organization is to raise funds to provide for the underprivileged people and children in developing countries (mainly in Sri Lanka) by supplying shelter, food, health and education in a caring environment.

 

The goal of the Association is to empower the people to break the poverty cycle by providing opportunities for them to improve their economic, social and educational conditions.

 

Further, This association is also devoted to preserving and spreading Theravada

Buddhism by creating opportunities such as;

  • to make aware the public on the Dharma,

  • to help Sanga in their needs and

  • to protect Buddhist monasteries by helping through renovation and development.

 

Therefore this Association, as a social and religious welfare organization shall adopt various programs and projects in Australia and developing countries (mainly in Sri Lanka), and execute and give effect to such programs and projects as details mentioned below;

  • Provide accommodation for homeless people, Provide food, clothing and other essential items to people in need.

  • Establishment and execution of various projects for the welfare of people who are lacking basic necessities like Shelter, Food, Health & Education.

  • Assisting and giving support to social and religious welfare organizations already operating in Sri Lanka.

  • Establishment and execution of various projects for the development of Buddhist Monasteries such as helping to accomplish in-completed constructions of any Buddhist monasteries as well as helping to the renovation of existing Buddhist monasteries.

  • Contributing to the needs of ordained monks and nuns with support for food, accommodation, healthcare, education, and practice. Supporting monks and nuns is leads to the preservation of the Buddha Dharma is dependent on the existence of Sangha.

  • Organizing of awareness programs in Sri Lanka as well as over-seas about Buddhist Philosophy in order to encourage the teaching, practice, and realization of Buddhist Principles, with a special emphasis on morality, meditation, wisdom and compassion, with special emphasis on the Theravada tradition; and to establish and maintain facilities to make available to the general public these teachings and practices.

We provide money and goods to people who have suffered a loss due to natural disasters both in Australia and overseas

Contact

Phone: +61 468 588 500
Email: metta.org.au@gmail.com
Mettā Events
GO1/865 Dandenong Road, Malvern East 3145
© 2020 Mettā Austrailia Inc.